කඩොලාන 2 - කඩොලාන ශාකවල වැදගත්කම.
කඩොලාන ශාකවල වැදගත්කම
කඩොලාන යනු පාරිසරික හා ආර්ථික අංශවලින් ඉතා වැදගත් පරිසර පද්ධතියකි. පරිසරයට, සත්ත්ව ප්‍රජාවට, සහ මිනිසුන්ට කඩොලාන මඟින් බොහෝ ප්‍රයෝජන හිමිවේ.
- වෙරළ බඩ ප්‍රදේශවල වැලි කඳු ස්ථාපිත වීමට ඉඩ සැලැස්වීම මඟින් වෙරළ ඛාදනය වැලැක්වීම.
- කලපු හා ගං මෝයවල සිදුවන සෝදාපාළුව වලක්වමින් ඉවුරු සංරක්ෂණය කඩොලාන මගින් සිදුවේ.
- වෙරළාසන්න ප්‍රදේශවලින් මුහුදට එකතුවෙන දූෂිත ජලය රඳවා තබා ගනිමින් ඒවායේ විෂ පහත හෙළීම මගින් පරිසර දූෂණය අවම කිරීමට දායක වීම.
- පක්ෂීන්ට සහ මසුන්ට ආහාර වාසස්ථාන සහ ප්‍රජනනයට සුදුසු ස්ථාන කඩොලාන පද්ධති ආශ්‍රිතව පවතී.
බොහෝ පක්ෂීන්, මසුන්, ඉස්සන්, කකුළුවන් වැනි සත්ත්ව විශේෂ ඔවුන්ගේ අභිජනනය සහ ළාබාල අවධිය ගත කිරීම සඳහා කඩොලාන පද්ධති වෙත පැමිණේ. මෙම පරිසර පද්ධති තුළ කුඩා සතුන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා සැඟවී සිටීමට හැකිය.
- කඩොලාන ශාකවල පත්‍ර හා අනෙකුත් ශාක කොටස් මගින් කාබනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරයට එකතු කිරීම.
- කඩොලාන පරිසර පද්ධතිය ආශ්‍රිතව ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය අධික වීම.
- කඩොලාන දැව කෘමි හානි වලට ඔරොත්තු දෙන බැවින් නොයෙකුත් ඉදිකිරීම් මාළු උගුල් ධීවර යාත්‍රා තැම හා බුරුසු වැනි උපකරණවල මිටවල් තැනීම සඳහා ද භාවිතා කරයි.
Comments
Post a Comment