කඩොලාන 1 - කඩොලාන සහ ලෝකයේ කඩොලාන ව්‍යාප්තිය

කඩොලාන


කඩොලාන යනු අන්තර් උදම් කලාපය තුළ එනම් ගොඩබිම සහ ජලය එක්වන හා මායිම් වන ගංගා මෝය සහ කලපු ආශ්‍රිතව වඩදියට යටවී බාදියට නිරාවරණය වන බිම් ප්‍රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාක පද්ධතියකි.ඇතැම් ශාක සහ සත්ත්ව විශේෂවලට රැකවරණය සපයන නිවහනක් ලෙසින් කඩොලාන ශාක ප්‍රජාව ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරනු ලැබේ. නිරක්ෂීය වෙරළබඩ තීරුවෙන් 2/3 ක් පමණ කඩොලාන ප්‍රජාව විසින් අත්කරගෙන ඇත. ලෝකයේ ඇති සියලුම කඩොලාන පද්ධතිවල විශාලත්වය හෙක්ටයාර මිලියන 15.9 පමණ වේ.

කඩොලාන පද්ධති තුළ නිරන්තරයෙන්ම දර්ශීය ලෙස දක්නට ලැබෙන ශාක 'සත්‍ය කඩොලාන ශාක' (True Mangroves) ලෙස හැඳින්වේ. සත්‍ය කඩොලානවලට යාබද ගොඩබිම් ප්‍රදේශවල වැඩෙන වෙනත් ශාක 'කඩොලාන ආශ්‍රිත ශාක' (Mangrove Associates) ලෙස හැඳින්වේ. සත්‍ය කඩොලාන හා කඩොලාන ආශ්‍රිත ශාක 'සපුෂ්ප ශාක' වන අතර එසේ නොවන "Acrosticum Aureum" නම් ශාක විශේෂයක් ද කඩොලාන ආශ්‍රිතව හමු වේ.



ලෝකයේ කඩොලාන ව්‍යාප්තිය



කඩොලාන සෞම්‍ය කලාපීය රටවල අන්තර් උදම් කලාපය තුළ දක්නට ලැබෙන විශේෂිත ශාක ප්‍රජාවකි. නමුත් ජපානය, ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා වෙරළ තීරය වැනි නිරක්ෂයට උතුරින් පිහිටි කොටස්වල සිට නවසීලන්තය, ආජන්ටිනාව වැනි නිරක්ෂයට දකුණින් පිහිටි ප්‍රදේශ දක්වාම කඩොලාන ශාක පද්ධති ව්‍යාප්තව පවතී. 

මෙම ශාක ප්‍රජාව වඩාත් පුළුල්ව ව්‍යාප්තව ඇත්තේ ඝර්ම කලාපීය රටවල මුහුදු ප්‍රදේශවල කලපු සහ බොකු ආශ්‍රිතව ය. ලෝකයේ ඇති කඩොලාන ශාක ප්‍රජාවන්ගේ ප්‍රමාණය හෙක්ටයාර මිලියන 4.25 එනම්, 27% ක් ඇත්තේ ඉන්දුනීසියාවේ ය. බ්‍රසීලයේ 16% ක් ද ඕස්ට්‍රේලියාවේ 7% ක් පමණ ද දැකිය හැක.

කඩොලාන පිළිබඳ විකීපිඩියා නිදහස් විශ්වකෝෂයේ ලිපිය වෙත මෙතනින් යන්න.

කඩොලාන පරිසර පද්ධතිය පිළිබඳ විකීපිඩියා නිදහස් විශ්වකෝෂයේ ලිපිය වෙත මෙතනින් යන්න.

Comments

Popular posts from this blog

පරිසර නියමු වැඩසටහන

හැඳින්වීම

කඩොලාන 2 - කඩොලාන ශාකවල වැදගත්කම.